සුනඛයන් සඳහා ලබාදෙන පිස්සු බලු එන්නත්වල පවතින උග්‍ර හිඟය නිසා ජලභීතිකා රෝගය ව්‍යාප්ත වීමේ බරපතළ තත්ත්වයක් උදාවී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
ජලභීතිකා රෝගය මැඬපැවැත්වීම සඳහා පශු වෛද්‍ය අංශ විසින් මෙම එන්නත සුනඛයන්ට දෙනු ලබන්නේ සුනඛයන් සපාකෑමෙන් මිනිසාට ඇතිවන ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා වීම සඳහාය. මෙම එන්නත සෑම වසරකටම වරක්ම සුනඛයන්ට ලබාදීම සිදු කරයි. ඒ සඳහා පශු වෛද්‍ය අංශ විසින් යම් මුදලක් අය කළද අයාලේ යන සුනඛයන්ට පවා පශු වෛද්‍ය අංශ වෙතින් මෙම එන්නත ලබාදීම සිදු කෙරේ.
මේ වනවිට මෙම එන්නත රජය විසින් පශු වෛද්‍ය අංශ වෙත නිසි පරිදි ලබා නොදීම බරපතළ තත්ත්වයකි. පෞද්ගලික ඔසු සල්වල මෙම එන්නත ඇතත් එය මිල අධිකය. මේ නිසා කිසිවකු අධික මිලක් ගෙවා එන්නත් ගෙන සුනඛයන්ව එන්නත් කරන්නේ නැත. මේ නිසා සුනඛයන් නිසි පරිදි එන්නත් නොකිරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් උද්ගතවී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මාරාන්තික ජලභීතිකා රෝගය රට තුළ ව්‍යාප්ත වීම වළක්වාලීම සඳහා මෙම එන්නත කඩිනමින් ගෙන්වා දිය යුතු යැයි පශු වෛද්‍ය අංශ රජයට කියයි.
නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා