බෙදුම්වාදී මැරයන් වෙනුවෙන් පෙනී සිටීමට පෙර දෙවරක් සිතන්න – සරත් වීරසේකරගෙන් නීතිඥ සංගමයට ලිපියක්

410

සැවොම අධිකරණයට ගරු කරන නමුත් අපේ උරුමයන් විනාශ කරන බෙදුම්වාදී මැරයන් වෙනුවෙන් පෙනී සිටීමට පෙර දෙවරක් සිතන ලෙස නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත යවා ඇති ලිපියක සඳහන් කරයි.

තමා අධිකරණයට තර්ජනය කිරීමක් කළ බවට ඇතැමුන් නඟන චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බවත් එම අසත්‍ය චෝදනාව තමාට එරෙහිව මුලතිව් නීතිඥවරුන් කරන්නා වූ උද්ඝෝෂණයට කිසිදු සෙවිල්ලක් නැතිව සහය දීමක් බඳු යැයි ද ඔහු පවසයි.

ද්‍රවිඩ සංවිධානයේ මන්ත්‍රීවරයකු වන සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුව තුළ කළ ප්‍රකාශ ගැන නීතිඥ සංගමය නිහඬවීම ගැන ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ප්‍රවෘත්ති කාරක මොනිකා පින්ටෝ නමැත්තිය අපේ රටේ අධිකරණය ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව ගැන හා ඇගේ අභූත චෝදනා පිළිබඳව ද සඳහන් කර ඇති වීරසේකර මහතා එවැනි දෑ පිළිබඳ නිහඬතාව රැකීම ගැන තම විමතිය පළ කරන බවද කියා තිබේ.

නමුත් තමා ස්වෙච්ඡාවෙන් 2014 දී එහි සැසිවාරයට ගොස් වසර දෙසීයක අභිමානවත් ඉතිහාසයක් ඇති අපේ අධිකරණය ගැන එදා ඇතැමුන් නැඟූ අපහාසාත්මක ප්‍රකාශ හෙළා දැකීම කළ වගද වීරසේකර මහතා එහි සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment