එල්ලෙන බව කියමින් පෙම්වතිය බිය කළ තරුණයා නසී

339

පෙම්වතිය බිය කිරීමට බෙල්ලේ ලණුවක් ගැට ගසා ගසක එල්ලෙන බව කියමින් සිටි වවුනියාවේ තරුණයෙකු එම ලණුවේ ගැටය සිරවීම හේතුවෙන් ඊයේ (30දා) මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව බෝගස්වැව පදිංචි 17 හැවිරිදි තරුණයෙකි.
ඔහු නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සබදතවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර දෙදෙනා කිසියම් හේතුවක් මත බහින් බස් වීමෙන් පසුව තරුණිය බිය කිරීමට සිතා ඔහු ගෙළ වැළලාගෙන මියයන බව ප්‍රකාශ කොට තිබේ.
තරුණිය ජීවත් වූ නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ඔහු ගෙළ වැළලාගෙන මිය යන බව රග දැක්වීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහුගේ ගෙලෙහි බැදගෙන තිබූ ලණුවේ ගැටය සිරවීම නිසා ඔහු මියගොස් ඇති අතර පිරිසක් වහාම ලණුව කපා ඔහුව වවුනියාව රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු මියගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment