ඔමික්‍රෝන් ආසාදිතයන් සැත්කම්වලට යොමු වීම

125

‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වී සුව වූ අයෙකුට සති හතක කාලයක් ගත වන තෙක් සැත්කම් සිදු නොකළ යුතු බවට එංගලන්තයේ ශල්‍ය හා නිර්වින්දන විශේෂඥයන් විසින් නිර්දේශ කර තිබේ.

 මෙසේ සැත්කමකට පෙනී සිටීමට නියමිත අයෙකුට වුවද කොරෝනා ආසාදනය සුව වී සති හතක පමණ කාලයක් ගත වන තෙක් සැත්කම සිදු නොකළ යුත්තේ ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ අයෙකු සුව වී ගත වන මුල් මාස දෙකක කාලය අවදානම් සහගත වීමත් එම කාලය තුළදී සැත්කම සිදු කළහොත් රෝගියා යථා තත්ත්වයට පත් කිරීම අසීරු වීම යන කරුණු බව එම විශේෂඥයෝ පවසති. දැනට සිදු කර ඇති පර්යේෂණවලට අනුව ඔමික්‍රෝන් ආසාදනය වූ අයෙකුට දින 10 ක් ගත වන තෙක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හා සෙසු රෝගීනට ආසාදනය පැතිර විය හැකිය. ඔමික්‍රෝන් ආසාදිතයකු සුව වූ පසුව සැත්කමට ලක් කළ යුත්තේද ආසාදිතයා පූර්ණ කොරෝනා එන්නත්කරණයට ලක්ව ඇත්තේ නම් පමණක් වන අතර මෙම පියවර අනුගමනය කිරීමේදී පවතින සැත්කම් පෝලිම දීර්ඝ වුවද ආසාදිතයා හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මුහුණ පානු ලබන අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර අනුගමනය කළ යුතු බව එම විශේෂඥයෝ කියා සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment