කතරගම ඇසළ පෙරහැර 3 වැනිදා තෙක්

466

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය මේ දිනවල අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

වල්ලි දෙවඟන සහ ස්කන්ධ කුමරුන්ගේ සරණමංගල්‍යය සනිටුහන් කිරීම මුල් කරගෙන ඇසළ මංගල්‍යය පැවැත්වේ.

පසුගිය 19 වැනිදා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ආරම්භ වූ අතර ලබන ජුලි 03 වැනිදා මහා පෙරහැර පවත්වා ජුලි 04 වැනිදා මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකර පෙරහැර නිමාවට පත්වේ.

11 වැනි දින වූ 29 වැනිදා පෙරහැර රාත්‍රි වීදි සංචාරය කර වල්ලි අම්මා දේවාලය වෙත පැමිණ චාරිත්‍ර ඉටු කර නැවත මහා දේවාලය වෙත පැමිණ අවසන් විය.

පෙරහැර ආරම්භ වූ දින සිට බැතිමතුන් ලක්ෂ 07 ක් පමණ කතරගම දේවාලය වන්දනා කර ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරන ලදි.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය


advertistmentadvertistment