කන්ද උඩරට නිල් මහ සටන අද ඇරඹේ

171

තරගය සඳහා ඩයලොග් ආසිආටා අනුග්‍රහය

(වමේ සිට දකුණට) ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රධාන ආචාර්ය බ්‍රයන් සේනාරත්න, ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මනුල කුලරත්න, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති අරලිය ජයසුන්දර පියතුමන්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර, අලෙවි මෙහෙයුම්, ප්‍රශාන් කොස්තා, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ග්‍රෙගරි ප්‍රනාන්දු පියතුමා, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායක තිසර ඒකනායක, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය නාලක සංජීව යන මහත්ම මහත්වරු

මහනුවර ත්‍රිත්ව විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනී විදුහල අතර වාර්ෂික ක්‍රිකට් මහ තරගයේ 105 වැන්න අද (15 වැනිදා) සහ හෙට (16වැනිදා) අස්ගිරිය අන්තර් ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

කන්ද උඩරට නිල් මහ සටන අද ඇරඹේ

ඩයලොග් ආසිආටා අනුග්‍රහය මෙම තරගය සඳහාද ලබා දී ඇත.

කන්ද උඩරට මහනුවර පුරවරයේ “නිල් මහ සටන” ලෙස විරුදාවලිය ලබා ඇති ශාන්ත අන්තෝනී සහ ත්‍රිත්ව යන දෙවිදුහල් අතර මෙතෙක් පවත්වා ඇති තරග අතීතය තුළ වැඩි ගෞරව හිමි කර ගනිමින් කැපී පෙනෙන්නට ත්‍රිත්ව විදුහල සමත්ව සිටී. වර්ෂ 23 ක ජය වාර්තා කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත්වන අතර වාරයේදී ශාන්ත අන්තෝනී විදුහල හිමි කර ගෙන ඇති ජයග්‍රහණ සංඛ්‍යාව 11 කි. ආසන්නම ජයග්‍රහණය වර්ෂ 2012 දී නිරෝෂන් දික්වැල්ල ගේ නායකත්වයෙන් ත්‍රිත්ව විදුහල හිමි කර ගෙන ඇති අතර ශාන්ත අන්තෝනි විදුහල ජය ගෙන ඇති ආසන්නතම ජයග්‍රහණය 1992 වර්ෂය දක්වා ඈතට දිගු වී තිබේ. ඒ උමේෂ් ද අල්විස් ගේ නායකත්වයෙනි.

මෙවර මහ තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වර්ණලාභී ක්‍රීඩක මංජුල කුලරත්න වෙත පැවරී ඇති අතර ශාන්ත අන්තෝනී විද්‍යාලයීය කණ්ඩායම වර්ණලාභී ක්‍රීඩක තිසර ඒකනායක විසින් මෙහෙයවනු ලබයි.

ශාන්ත අන්තෝනී විද්‍යාලයීය කණ්ඩායම

කන්ද උඩරට නිල් මහ සටන අද ඇරඹේ

තිසර ඒකනායක (නායක), ඉඳුවර ගලපිටගේ (උප නායක) කවීෂ පියුමාල්, ජනිත් රත්නසිරි, චාරුක ඒකනායක, ජනුක රත්නායක, ජනුත් අඹන්පොල, දසුන් වැලිඅංග, කවීන් ප්‍රනාන්දු, දිනුර ගනේගොඩ, නේදන් ඊබට්, කවිදු නවංජන, අංජන වීරසේකර, බිමාෂ් සමරසිංහ, කෞෂික කුමාරසිංහ, ඔකිත ප්‍රනාන්දු, ඉනුක වැව්ලියද්ද, විශ්ව තිලකරත්න, නිකිල් අභිලාෂ්, සදෙව් අමරකෝන්.

කාවින්ද ජයසූරිය මහතා (ප්‍රධාන පුහුණුකරු), ළහිරු සෙනෙවිරත්න මහතා (සහාය පුහුණුකරු) බන්දුල ඒකනායක මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම

කන්ද උඩරට නිල් මහ සටන අද ඇරඹේ

මංජුල කුලරත්න (නායක), දිනූෂ පිරිස් (උප නායක), ජනිත් වර්ණකුල, සුපුන් වඩුගේ, වතිල උදාර, විදුක ධම්මගේ, දීමන්ත මහවිතාන, මලිත් රත්නායක, දිනුක තෙන්නකෝන්, තරණ විමලධර්ම, තිසල් යාපා, රජිඳු තිලකරත්න, ජයවී ලියනගේ, කවිඳු ජයරත්න, විදුනෙත් ධම්මගේ, එස්. අනුරජීව, ඔමෙත් බණ්ඩාර, කවීන් ගමගේ නවීන් ඒකනායක මහතා
(ප්‍රධාන පුහුණුකරු), ලක්ෂිත අලහකෝන් මහතා (සහාය පුහුණුකරු) බ්‍රයන් සේනාරත්න මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment