කම් සැප සොයා ගොස් සිදුවූ හදියක්

921


අඟුරුවැල්ල දොරණුව කුලී නිවසක් තුළදී කාන්තාවක් විවාහක පුද්ගලයකුගේ ගෙල සිර කර මර දමා ඇත.
මට හැමදාම කරදර කරන්න එනවා. කරදරයෙන් බේරෙන්න ගෙල මිරිකා මරා දැම්මා” යැයි ඇය රුවන්වැල්ල පොලිසියට පැමිණ ප්‍රකාශ කර තිබේ.
මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙකි.
මරණයට පත් පුද්ගලයා කොස්ගම පදිංචි අයෙකි. මොහු අදාල
කාන්තාව සමග හිතවත්කමක් පවත්වා තිබේ. කාන්තාවත්, මරණයට පත් පුද්ගලයාත් දෙදෙනාම විවාහ වී තම තමන්ටම වෙන්වූ පවුල් ජීවිත ගෙවන දෙදෙනෙකි. අදාළ පුද්ගලයා කන්තාව සිටින විට නිවසට පැමිණ ඇත.
මරණයට පත් පුද්ගලයා සාලය මත නිරුවතින් වැටී සිට ඇති අතර ඔහුගේ සපත්තු ගෙදර පිටිපස දොරටුව අසල ගළවා තිබී හමුවී ඇත. කලිසම හා කමිසයද ගළවා තිබේ.
කාන්තාව රුවන්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය ඊයේ සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment