හොර වාහන 400 අල්ලන්න මෙහෙයුම්

310

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ව්‍යාජ දත්ත යොදා ලියාපදිංචි කර විකිණූ බව කියන රුපියල් කෝටි 400කට අධික වටිනාකමෙන් යුත් අති සුඛෝපභෝගී ජීප්රථ සහ වෑන්රථ 400 අත්අඩංගුවට ගැනීමේ විමර්ශන පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් ආරම්භ කර ඇත.

මෙසේ ව්‍යාජ දත්ත යොදා ලියාපදිංචි කළ වාහනවලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට ප්‍රබල දේශපාලනඥයන්, උසස් පොලිස් නිලධාරීන්, ආරක්‍ෂක අංශ ඉහළ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ ප්‍රභූන් සතුව තිබෙන බවට තොරතුරු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය වෙත ලැබී තිබේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ඉහළ නිලධාරියෙක් කියා සිටියේ කවර තරාතිරමක පුද්ගලයකු සතුව මෙම වාහන තිබුණ ද ඒවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

මේ ආකාරයට ව්‍යාජ දත්ත යොදා සකස් කරන ලද අධි සුඛෝපභෝගී වාහන 8ක් මේ වනවිට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු වාහනවල ද බොහෝ තොරතුරු මේ වනවිට ලැබී තිබෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment