දිවුලපතානට මා පටලවා ඇතැමුන් වැරදි පතුරනවා

300

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම්

දිවුලපතාන, මයිලනමඩු තෘණ බිම් ආශ්‍රිත සිද්ධිය මුල්කර ගනිමින් අනවශ්‍ය ආරවුලක් නිර්මාණය කිරීමට ඇතැමුන් උත්සාහ කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා සඳහන් කරයි.

සිංහල, දමිළ හෝ මුස්ලිම් ජනතාවට රට තුළ ඇති ඉඩම් නීති විරෝධීව අත්පත් කර ගැනීමට හැකියාවක් නොමැති බවත්, එසේ සිදුවන්නේ නම් රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලකයන්ට එයට විරුද්ධ විය හැකි බවද හෙතෙම මාධ්‍ය හමුවකදී පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ පවතින දිවුලපතාන, මයිලනමඩු තෘණ භූමි ප්‍රදේශයේ කිරි ගොවීන් සහ අලුතින් වගා කිරීමට පැමිණි පිරිස් අතර යම් ගැටුමක් නිර්මාණය වී ඇතත් මෙම ඉඩම්වල අයිතිය පවතිනුයේ මහවැලි අධිකාරියට බැවින් මෙහි වගකීම එම අධිකාරිය දැරිය යුතු බව හෙතෙම සඳහන් කර සිටියේය.

අදාළ සිද්ධියට මුහුණ දුන් ප්‍රදේශයේ පවුල් 30ක් පමණ පදිංචිව සිටියත් මේ වනවිට පවුල් 500 ත් 600 ත් දක්වා එම තත්ත්වය වර්ධනය වී ඇති බවත් කී තමන් මුල්වී මඩකලපුවෙන් සිංහල ජනතාව පලවාහරින බවට ප්‍රචාරයන් යවා දකුණේ ජනතාවට තමන් පිළිබඳව වැරදි අර්ථකතනයක් ලබාදීමට ද ඇතමුන් උත්සාහ කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment