ලේඛනගත මත් ජාවාරමුන් භාගයක්ම යුක්තියට කොටුවෙති

319

පොලිසිය විසින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම මගින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4584 දෙනකු අතුරින් මේ වන විට සැකකරුවන් 2131 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම මෙහෙයුම ආරම්භ කර දින 19 කාලයක දී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. ඉතිරි සැකකරුවන් 2453 දෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරනු ලබන බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම මෙහෙයුම ආරම්භ කළ 2023.12.17 දින සිට 2024.01.04 වන දින දක්වා සැකකරුවන් 26,252 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 1334 ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එසේම, සැකකරුවන් 216 දෙනකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 1549 දෙනකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

දින 19 ක පුරා දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළෙඳපළ වටිනාකම මිලියන 963 කට ආසන්න බව අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment