කර්මාන්තය කරගෙන යන්නෙත් අමාරුවෙන් දවසකට 1750ක් ගෙවන්න අමාරුයි – පෞද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති

77

“මේ වෙලාවේ වතු කම්කරුවකුට දිනකට 1750ක් ගෙවන්න අමාරුයි. ඒක අපිටත් ඔරොත්තු දෙන්නේ නැහැ. දරා ගන්නත් අමාරුයි…” යැයි පෞද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා “දිවයින” ට ඊයේ (04දා) පැවැසීය.

එම සේවකයන් සේවයට පැමිණීම අනුව සාධාරණයක් ඉටු කළ හැකි බව පැවැසූ ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

“රජය කියන විදිහට අපිට වැටුප් ගෙවන්න අමාරුයි. අපිත් හරි අමාරුවෙන් මේ කර්මාන්තය කරගෙන යන්නේ. අපිට තේ ගොවීන්ගේ නිෂ්පාදන ලැබුණාම අපි ඒවා නිෂ්පාදනය කරනවා. තේ කර්මාන්තශාලා හිමිකරුවන් 100කට වැඩි පිරිසක් ඉන්නවා. මේ වැටුප් ගෙවීම ගැන අපි දැනට සාකච්ඡා කරමින් සිටින අතර ඉදිරියේදී අපි ජනාධිපතිතුමා හමුවෙලා කතා කරන්නත් සූදානමින් සිටිනවා. කොහොම වුණත් අපිට මේ වෙලාවේ සේවකයකුට දවසකට රුපියල් 1750ක් ගෙවන්න අමාරුයි. ඒක අපිට ඔරොත්තු දෙන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment