කරාපිටිය රෝහලත් ජාතික රෝහලක් වෙයි

62

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මෙම වසර අවසන් වනවිට එම රෝහලෙහි ඇඳන් ධාරිතාව 2,858ක් දක්වා වැඩි කිරීම සිදුවෙයි.

ඒ අනුව කොළඹ, මහනුවරට අමතරව කරාපිටිය රෝහල ද ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කිරීම සිදුවෙයි.

මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හා සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගැන්වීම් කටයුතු සඳහා කරාපිටිය රෝහලේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කර තිබේ.

ඒ අනුව රුහුණ සරසවියේ වෛද්‍ය උපාධි අපේක්‍ෂකයන් 1,100 දෙනෙකුට හා ගාල්ල හෙද විදුහලේ හෙද සිසුන්ට, භෞතචිකිත්සකයන්, ඖෂධවේදීන්, රසායන තාක්ෂණඥයන් 100කට වාර්ෂික ඉගැන්වීම් හා පුහුණුවීම් සැපයීමද එහිදී සිදුවේ.

මේ අනුව කරාපිටිය රෝහල මෙරට තෙවැනි ජාතික රෝහල බවට පත්වනු ඇත.

ඇමති මණ්ඩල තීරණ දැනුම්දීමේ දී කැබිනට් ප්‍රකාශක ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (23දා) මේ බව සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment