ග්‍රාම නිලධාරි වැටුප් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

56

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරීන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

ඒ අනුව අලුතින් ග්‍රාම නිලධාරී සේවයට එක්වන ග්‍රාම නිලධාරිවරයකුගේ මූලික වැටුප රු. 28,940 සිට රු. 30,140ක් දක්වා ඉහළ යනු ඇත. ග්‍රාම නිලධාරී සේවයේ 2 ශ්‍රේණියේ ආරම්භක වැටුප රු.33,690 දක්වාත්, 1 ශ්‍රේණියේ ආරම්භක වැටුප රු.38,590ක් දක්වාත් ඉහළ යෑමට නියමිතය.

නව වැටුප් කේතයක් ග්‍රාම නිලධාරිවරුන් සඳහා හිමිවන අදාළ ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රු. 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රු. 1500 සිට 3000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රු. 1500 සිට රු. 3000 දක්වාත් ඉහළ නංවා 2024.04.01 සිට ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මීට අමතරව අනෙකුත් නිල ඇඳුම්, ගමන්, සන්නිවේදන දීමනා වැඩි කිරීම සඳහා, 2025 අය-වැය පිළියෙළ කිරීමේදී, මහාභාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමට ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට නියම කර තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment