අවසන් තරගයට යෑමට හයිද්‍රාබාද් හා රාජස්ථාන් අද සටනක

170

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු ඇතිව රාජස්ථාන් රෝයල්ස් හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් චෙන්නායි හිදී අද (24 වැනිදා) තරග වැදීමට නියමිතය.එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබන අතර දැනටමත් අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමග ලබන (26 වැනිදා) එම තරඟය පැවැත්වේ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම 2008 වසරේදී පළමු අයි.පී.එල්. කිරුළ දිනා ගැනීමට සමත්ව ඇති අතර සන්රයිසස් කණ්ඩායම 2016 වර්ෂයේදී කිරුළ දිනා ගැනීමට සමත්ව ඇත.

මේ අතර පෙරේදා (22දා) රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලේන්ජ්ර්ස් බැංගලෝර් අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 172ක් ලබාගත් අතර පිළිතුරු ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දු වාර 19ක් තුළ කඩුලු 6ක් දැවී තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

ලකුණු 19කට කඩුලු 2ක් දවාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ රවිචන්ද්‍රන් අශ්වින් තරගයේ වීරයා සම්මාන ලැබීය.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment