අසීමාන්තික වූ මානව ප්‍රේමයට මිල මුදල්වලින් ලංසු තැබිය හැකිද?

226

විසංගමනය 7 වැනිදා සිට

“විසංගමනය” සිනමාකෘතිය අධ්‍යක්‍ෂණය කරමින් සිනමාකරුවකුගේ භූමිකාවට මුලපුරමින් හොලිවුඩයේ දොරගුළු විවර කර ගැනීමට රන්ජන් ප්‍රසන්න සමර්ථ වන අතර ඊට ශක්තිමත් අත්තිවාරමක් වූ ප්‍රබල තිර රචනාව සකසන ලදුව ඇත්තේ ප්‍රවීණ සිනමාකරුවකු මෙන්ම තිර රචකයකු වූ උපාලි ගම්ලත් විසිනි.

ප්‍රාග්ධන සම්පත දායක කරමින් සිනමා පටය නිෂ්පාදනය කරනු ලබන්නේ සිනෙට් එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම වෙනුවෙන් බීටුලින්ක් සමූහ ව්‍යාපාරයේ අධිපති උපේන්ද්‍ර මහේෂ් විජේරත්නය.

අශාන් ඩයස්, සේමිණි ඉද්දමල්ගොඩ, සමනලී ෆොන්සේකා සහ චරිත් අබේසිංහ යන රංගන ශිල්පීන් විසින් මිනිස් චිත්ත සංතානය තුළ නිරන්තරයෙන් හටගන්නා වූ අතිශය සියුම් සංකීර්ණ භවාත්මික ප්‍රකාශනයන් වඩාත් තාත්ත්වික අයුරින් ගෙනහැර දක්වයි.

මීට අමතරව ඩග්ලස් රණසිංහ, හයසින්ත් විජේරත්න, උදිත් අබේරත්න, නිරෝෂන් විජේසිංහ, චින්තක කුලතුංග, ඉෂාන් මෙන්ඩිස්, ගාමිණී ජයලත්, බන්දුල සූරියබණ්ඩාර, සුජීව කරුණාරත්න, ජයතිස්ස අතුලසිරි යන රංගන ශිල්පීන් විසින් ද චිත්‍රපටය තුළ ඉදිරිපත් කරන්නා වූ යථාර්ථවාදී රංගනය, ප්‍රධාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා වූ රංගන ශිල්පීන්ගේ භවාත්මික ප්‍රකාශනය සමගින් මැනවින් අතිච්චාදනය වී ඇති බව ද පෙනී යයි.

චිත්‍රපටය තුළ සහය අධ්‍යක්‍ෂණය තරංග නිරිඇල්ලගෙන් ද, කැමරාකරණය තිසුල දීප තඹවිටගෙන් ද, කලා අධ්‍යක්‍ෂණය චන්දන ප්‍රියංකරගෙන් ද, අංග රචනය ප්‍රියංක රත්නායකගෙන් ද, සංස්කරණය තිසර ධනංජයගෙන් ද,සංස්කරණ සහය තනුශ්ක කහඳවලගෙන් ද, ශබ්ද පරිපාලනය ශෂීන් ගිම්හාන්ගෙන් ද, සියලු පසු නිෂ්පාදන කටයුතු සහ වර්ණ සංයෝජනය ප්‍රවීන් ජයරත්නගෙන් ද, රේඛීය නිෂ්පාදනය නන්දන ප්‍රේමචන්ද්‍රගෙන් ද, නිෂ්පාදන සම්බන්ධීකරණය ප්‍රසින් හසන්කගෙන් ද, නිෂ්පාදන කළමනාකරණය තිස්ස ලියනාරච්චි සහ සුජීව කරුණාරත්නගෙන් ද, කැමරා උපකරණ සැපයීම සහ තාක්‍ෂණික උපදෙස් සැපයීම රොහාන් වැලිවිටගෙන් ද සිදුවී ඇත.

මීට අමතරව සිනමාපටයේ සංගීත අධ්‍යක්‍ෂණය සහ ගීත රචනා සඳහා පිළිවෙළින් සමන්ත පෙරේරා සහ රත්න ශ්‍රී විජේසිංහයන් තම නිර්මාණ දායකත්වය සපයා ඇත. අසීමාන්තික වූ මානව ප්‍රේමයට මිල මුදල් වලින් ලංසු තැබිය හැකිද? යන්න විසංගමනය නිර්මාණය හරහා ගෙනහැර පායි. එළැඹෙන ජූලි මස 07 වැනිදා සිට MPI ඇතුළු දිවයින පුරා සිනමාහල් රැසක විසංගමනය තිරගතවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment