ජනපති කියුබාවට – වැඩ බලන්න රාජ්‍ය ඇමැතිවරු 4 ක්

111

කියුබාවේ හවානා නුවරදී පැවැත්වීමට නියමිත ජී 77 සහ චීනය රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13 දා) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශ 04 ක වැඩ බැලීම සඳහා රාජ්‍ය ඇමැතිවරුන් පත්කර ඇත.

වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය යන තේමාව යටතේ මෙම සමුළුව සැප්තැම්බර් 14 දා සිට 16 දක්වා පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම කාලයේදී ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්‍ෂණය කිරීම සඳහා රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා වැඩබලන තාක්‍ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙසත් රාජ්‍ය ඇමැති අනූෂ පැස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සේවා ඇමැතිවරයා ලෙසත් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් ඇමැතිවරයා ලෙසත් රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්‍ෂක ඇමැතිවරයා ලෙසත් පත්කර තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment