කල් ඉකුත්වූ භාණ්ඩ තොගයක් සොයා ගනී

186


උත්සව සමය තුළ තොරතුරු වෙනස් කරමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ආනයනික කඩල, සහල් සහ කල් ඉකුත් වූ රට ඉඳි ගබඩා කර තිබූ ගබඩා කිහිපයක් පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් වැටලීමකට ලක්කර තිබේ

මෙම වැටලීමේදී රසායනාගාර වෙත බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ කල් ඉකුත් වූ රසායන ද්‍රව්‍ය ලීටර් 50ක් සොයාගෙන ඇත.

කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ ගබඩා පරීක්ෂා කිරීමේදි මෙම භාණ්ඩ තොගය සෙයා ගැනීමට එම අධිකාරිය සමත්ව තිබේ.
වත්තල ප්‍රදේශයේ ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන් පවත්වාගෙන යනු ලබන ගබඩා පරික්ෂා කිරීමේදී කල් ඉකුත් නොවූ වියලි මිරිස් සමග ගබඩා කර තිබූ කල් ඉකුත් වූ වියලි මිරිස් ටොන් 4.6ක් ද විමර්ෂන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.මෙම වැටලීම් ඉකුත් 28 වැනිදා සිදුකර තිබුණි.


advertistmentadvertistment