ඩොලර් බිලියන 6ක් ගන්න අගමැති IMF සමඟ සාකච්ඡා ආරම්භ කළා – වජිර අබේවර්ධන

176

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත්තේ ඇමරිකන් ඩොලර් බිලියන 06ක් ලබාගැනීමට යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (26දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

මින් ඩොලර් බිලියන 05ක් ඉන්ධන, ගෑස්, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නට වැය කරන බවත් ඉතිරි ඩොලර් බිලියනය රුපියල ශක්තිමත් කිරීමට යෙදවීමට අදහස් කර තිබෙන බවත් ඒ මහතා කීය.

මේ වනවිට ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් බිලියන 55ක ණයක් ගෙවීමට ඇති බවද මෙම ණය ගෙවීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට සියලුම දෙනාගේ සහාය ලැබිය යුතු බවද ඒ මහතා කීය. මෙය පාලනය කිරීමේ එක් අරමුණක් ලෙස ඉන්ධන මිල සූත්‍රය හඳුන්වාදීමට කටයුතු කර ඇතිබවත්, මිලවැඩිවීම මෙන්ම මේ සූත්‍රය හරහා මිල අඩුවීමද සිදුවන බවත් අබේවර්ධන මහතාා කීය.

ඉදිරියේදී අධික ලාභ ලබන ආයතන සම්බන්ධයෙන්ද නීති ක්‍රියාත්මක වියහැකි බවත් යම් ආයතනයක් සියයට 100ක ලාභයක් ලැබුවත් එම ලාභය සියයට 500ක් වේ නම් ඒවා පාලනය කළයුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment