ක්ලබ් වසන්ත ඇතුළු තිදෙනකුට මරු කැඳවූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලයි.
පසුගිය ජූලි 08 වැනිදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ටී 56 ගිනි අවි දෙකකින් වෙඩි තබා ක්ලබ් වසන්ත සහ තවත් අයකු ඝාතනය කර එම ස්ථානයේ සිටි තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදනො හඳුනා ගෙන ඇත.
පොලිසිය සිදුකරන විමර්ශනවලදී මෙම සැකකරුවන් තිදෙනා හඳුනාගෙන තිබෙන අතර ඔවුන්ගේ ඡායාරූප මෙහි දැක්වේ.
චමින්ද සිල්වා, හේමන්ත රන්දුනු