ක්‍ෂය රෝගී ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළට

50

වැඩිම රෝගීන් ඉන්නේ බස්නාහිර පළාතේ

ක්‍ෂය රෝගය හේතුවෙන් 2021 වර්ෂයේදී මුළු දිවයින පුරා මරණ 598 ක් වාර්තා වන අතර 2021 ට වඩා 2022 වර්ෂයේදී ක්‍ෂය රෝගී ආසාදිතයන් සංඛ්‍යාව 1393 කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍ෂය රෝග හා ලය රෝග පාලන ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ හේමාලි සේනාතිලක මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය.

දිවයිනේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාල විසිහය අතුරින් 2021 ආසාදිතයන් 6778ක් වාර්තා වූ අතර එය 2022 දී 8171 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඒ මහත්මිය සඳහන් කළාය.

මෙලෙස වාර්තා වීම් අතරින් වැඩිම රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන් 3880 ක්ද, ගම්පහින් 1995ක් හා කළුතරින් 1034ක්ද වශයෙන් වාර්තා වෙයි.

මුළු දිවයිනෙන්ම වාර්තා වන ක්‍ෂය රෝගීන් සංඛ්‍යාවෙන් 46% ක් බස්නාහිර පළාතෙනි. සති දෙකකට වඩා නොනැවතී පවතින කැස්සක් තිබේ නම් ඒ පිළිබඳව ජනතාව අවධානය යොමුකළ යුතු අතර දිස්ත්‍රික් ලය රෝග සායනය හෝ ළඟම ඇති රජයේ රෝහලකින් මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව එම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment