කුවේට් රාජ්‍යයේ කායවර්ධන ක්‍රීඩා උපදේශකවරයකු වශයෙන් සේවය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කායවර්ධන ෆෙඩරේෂනයේ (International Federation of Body Building) ඔලිම්පියා ඇමේචර් 2024 යුරෝපා තරගාවලි 03 කට සහභාගි වී ඔක්තෝබර් මාසය තුළ, රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ එම තරගාවලිවල මුල් කාණ්ඩයේ ස්ථාන 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර සමත් වී තිබේ. ඉකුත් 12 දින පෝලන්තයේ වෝර්සෝ නුවර පැවති වෘත්තීය කායවර්ධන ක්‍රීඩකයන්ගේ මාස්ටර් තරගාවලියේ දී රන් පදක්කමක් සහ එම තරගාවලියේ විවෘත “සී” කාණ්ඩය යටතේ තරග කර රිදී පදක්කමක් ද දිනා ගැනීමට ජගත් ගුණසේකර සමත් වී තිබේ.
ඊට අමතරව මෙම මස 06 දින ඉතාලියේ මිලානා නුවර පැවති ලෝකයේ රටවල් 69 ක ක්‍රීඩකයන් සහභාගි වූ ඔලිම්පියා ඇමේචර් තරගාවලියේ දී මාස්ටර් කාණ්ඩය යටතේ තරග කළ ජගත් ගුණසේකර, එම තරගාවලියේ සිව් වන ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබේ.
එසේම 20 දින හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති, ලෝකයේ රටවල් 44 ක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවති වෘත්තීය කායවර්ධන ක්‍රීඩකයන්ගේ මාස්ටර් කාණ්ඩයේ තරගාවලියේ දී එහි 05 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. ජගත් ගුණසේකර ගම්පහ, කිරිඳිවැළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කටුනායක – ටී. කේ. ජී. කපිල