පකිස්තානය ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළාදකින බව පවසන එරට අගමැති ෂෙබාස් ෂරීෆ් සෙනසුරාදා ප්‍රකාශ කළේ, වගකිවයුතු රටක් කාශ්මීරයේ පහල්ගම් සිද්ධිය සම්බන්ධයෙන් ‘ඕනෑම මධ්‍යස්ථ, විනිවිද පෙනෙන සහ විශ්වාසදායක පරීක්ෂණයකට‘ තමන් සූදානම් බවයි.
ඉන්දියාව පහල්ගම් ඛේදවාචකයේදී විශ්වාසදායක පරීක්ෂණයක් හෝ සාක්ෂි නොමැතිව පදනම් විරහිත චෝදනා නගන බවත් පාකිස්තාන අගමැති කියයි.
ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමේ ඉන්දියාව කළ නිවේදනය ගැන පැහැදිලිව සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය: “ඉන්දු ජල ගිවිසුම යටතේ පකිස්ථානයට අයත් ජලය ගලායාම නැවැත්වීමට, අඩු කිරීමට සහ හරවා යැවීමට ගන්නා ඕනෑම උත්සාහයකට පූර්ණ බලයෙන් හා ශක්තියෙන් ප්‍රතිචාර දක්වන අතර කිසිවෙකු කිසිදු ආකාරයක ව්‍යාජ හැඟීමකට හා ව්‍යාකූලත්වයකට යටත් නොවිය යුතුය.”
පකිස්තාන හමුදා ඇකඩමියේ කැඩෙට් භටයින්ගේ විසිරයාමේ පෙළපාලියක් අමතමින් ෂෙබාස් ෂරීෆ් පැවසුවේ ජලය පකිස්තානයේ අත්‍යවශ්‍ය ජාතික අවශ්‍යතාවයක් සහ එහි මිලියන 240 ක ජනතාව සඳහා ජීවනාලියක් බවත්ය.