පාලනය කිරීමට කිසිවකු ඇවිත් නෑ
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබීම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇත.
නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලි වත්තේ වතු නිවාස පේළියකට යාබදව පිහිටි මෙම රක්ෂිතයේ පෙරේදා (03 දා) පස්වරු 2ට පමණ ගින්න හටගෙන ඇති බව එම වතුයායේ වතු කම්කරුවන් පැවසූහ. කාසල්රි ජලාශය අවට පවතින අධික වියළි කාලගුණය සමග කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවත්, ජලාශය අවට පවතින දැඩි සුළං තත්ත්වය හමුවේ ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගියහ. අක්කර 10 ක පමණ භුමි ප්‍රමාණයකින් යුත් මෙම රක්ෂිතයේ හටගෙන ඇති ගින්න පාලනය කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවීය.
නුවරඑළිය – නාලක රත්නායක