කැපී පෙනෙන කාර්යසාධනයක් සමගින් කොමර්ෂල් බැංකුව 2024 වසර අරඹයි

76

කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා

ශේෂ පත්‍ර සංකෝචනයක් හා ණය පොතේ අගයට සෘණාත්මක බලපෑමක් ඇති කරමින් රුපියලේ අගය ඉහළ නැංවුනු අවධියක වුවද ණය දීමේ කාර්යය උදෙසා වූ බැංකුවේ අවධානය එලෙසම පවත්වා ගනිමින් කොමර්ෂල් බැංකු සමූහය රුපියල් ටි්‍රලියන 1.316 ක ණය පොත් අගයක් සමඟින් 2024 පළමු කාර්තුව අවසන් කර ඇත.

ණය සහ අත්තිකාරම් සඳහා වසරේ පළමු මාස තුන තුළදී සමූහය රුපියල් බිලියන 20 ක ශුද්ධ වර්ධනයක් සහ 2024 මාර්තු 31 වනදායින් අවසන් වූ මාස 12 තුළදී මාසික ව රුපියල් බිලියන 10.75 ක සාමාන්‍ය අගයක් සමඟ රුපියල් බිලියන 129 ක ශුද්ධ වර්ධනයක් වාර්තා කර ඇත. එය 10.87% ක වාර්ෂික වර්ධනයක්.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ වෙත වාර්තා කර ඇති පරිදි සමූහයේ මුළු වත්කම් මාස 12 තුළදී රුපියල් බිලියන 117 ක් නැතහොත් 5.80% ක වර්ධනයක් වාර්තා කර ඇති නමුත් 2024 පළමු කාර්තුවේදී එය රුපියල් ටි්‍රලියන 2.141 ක් දක්වා 0.33% ක ආන්තික අගයකින් පහත වැටී ඇත. ඒ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම නිසාවෙනි. කෙසේ වෙතත් සමූහයේ මුළු රුපියල් තැන්පතු වල අගය 2024 පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 41.256 කින් නැතහොත් 2.94% කින් වර්ධනය වී ඇත.

2024 මාර්තු 31 වන විට සමූහයේ මුළු වත්කම් රුපියල් ටි්‍රලියන 2.616 ක් එනම් 1.48% ක පහත වැටීමක් පෙන්වූ අතර, එයට හේතු වූයේ සලකා බලන ලද කාල සීමාව තුළදී රුපියලේ අගය ඉහළ යාමට සමගාමීව විදේශ මුදල් වත්කම් වල වටිනාකම නැවත තක්සේරු කිරීමට සිදුවීමය-

සලකා බලන ලද කාර්තුව සඳහා සමූහයේ දළ ආදායම රුපියල් බිලියන 80.208 ක් වූ අතර එම මාස තුන සඳහා ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 27.698 දක්වා 45.97% කින් වර්ධනය වී ඇති බව සමූහය වාර්තා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment