ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තය ජපානය පරදවමින් ලොව සිවුවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගැවින් නිව්සොම් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ඇමරිකානු ආර්ථික විශ්ලේෂණය පිළිබඳ කාර්යාංශය උපුටා දක්වමින් පවසා ඇත්තේ සිය ප්‍රාන්තයේ ආර්ථිකය වර්ධනය වී ඇති ආකාරය අනුව එය පිටුපසින් සිටිනුයේ ජර්මනිය, චීනය හා ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයන්ට පමණක් බවයි.
කැලිෆෝනියානු ආණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කර ඇති දත්තවලට අනුව 2024 වසරේදී එම ප්‍රාන්තයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 4.10ක් වන අතර ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය වූයේ ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 4.01කි. කැලිෆෝනියා ප්‍රාන්තය ඇමරිකාවේ විශාලතම කෘෂිකාර්මික නිෂ්පාදනයන් හා කම්හල් පිහිටි ප්‍රාන්තය වන අතර නව නිපැයුම් කම්හල් මෙන්ම ලොව සිනමා කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයද ඇමරිකාවේ ප්‍රධානතම මුහුදු වරායන් දෙක පිහිටි ප්‍රාන්තය වේ.