ඊශ්‍රායලයේදී මියගිය සුජිත් යටවරගේ දේහය දිවයිනට

230


ඊශ්‍රාය – හමාස් ගැටුමෙන් මිය ගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි.

දේහය භාරගැනීම සඳහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ ජයනි මධුවන්ති, 13 හැවිරිදි දුව, 09 හැවිරිදි පුතා, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

මෙම සුජිත් යටවර බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා වෙන්නප්පුව තුලාවෙල මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment