DFCC බැංකුව International Institute of Health Sciences (IIHS) සමග එක් වී හෙද සේවා සහ සාත්තු සේවා පාඨමාලා/ උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදී තිබේ.

IIHS යනු ලන්ඩනයේ Coventry University හා සම්බන්ධ අධ්‍යාපන ආයතනයක් වන අතර, එය විශේෂයෙන්ම සාත්තු සේවා පාඨමාලා ඇතුළුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාඨමාලා සම්බන්ධ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සැලකේ. මෙම විශේෂ ණය ක්‍රමය යටතේ සිසුන්ට තම අධ්‍යාපන ණය පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාත සමග ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත.

මෙම ප්‍රතිලාභ අතරට ණය පහසුකම යටතේ පාඨමාලාවට අදාළ මුළු මුදලම ලබාගත හැකි වීම, වසර 7 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් හිමි වීම සහ ගනුදෙනුකරු වෙතටම පැමිණ සේවාවන් සැපයීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් ඇතුළත් වී තිබේ. IIHS ආයතනයේ පාඨමාලා සඳහා නව බඳවාගැනීම් සිදුකිරීමට නියමිත අවස්ථාවක මෙම අධ්‍යාපන ණය ක්‍රමය හඳුන්වා දී තිබීම සිසුන්ට ඉමහත් සහනයක් වනු නිසැක ය. මේ යටතේ සිසුන්ට ඉතාමත් පහසුවෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත හෙද සේවා ගෞරව උපාධි පාඨමාලාවක් [BSc (Hons)] ශ්‍රී ලංකාවේදීම හැදෑරීමට අවස්ථාව ලැබේ.

DFCC බැංකුව වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා සහ IIHS වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී/සම-නිර්මාතෘ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා ගිවිසුමට අත්සන් තැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment