මීගලෑව පොලිස් වසමේ කලංකුට්ටිව ඇලේ දිය නාමින් සිටි කාන්තාවක්ව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් යාමෙන් තුවාල ලබා මරණයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ලීකොළවැව උස්ගලසියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි ව සිටි 66 හැවිරිදි කාන්තාවකි.
එම කාන්තාව ඉකුත් 29 වැනිදා සවස ඇලේ දියනෑමට ගිය අවස්ථාවේ එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
ප්‍රදේශවාසීන් එක් ව අදාළ කාන්තාව කිඹුලා ගෙන් මුදාගෙන තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.