සූදු පොළ වටලද්දී පොලිස් ගිනි අවියක් පත්තුවේ

235


තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ සූදු පොලක් වැටලීමට ගිය අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙකු හා සිදු වු පොර බැදිමක් අතරතුර පොලිස් නිළධාරීයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වී අද අළුයම 12.30ට පමණ පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කල බව තිස්සමහාරාම පොලිසිය පවසයි.
මෙලෙස පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත්තේ තිස්සමහාරාම රන්මිණිතැන්න පදිංචි 27 හැවිරිදි එච්.කේ.රුවන් කුමාර නැමති එක් දරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පැවසුවේ වැටලිමක් අතරතුර සිදු වු පොර බැදිමකදී නිළධාරියෙකුගේ ගිණි අවියක් ක්‍රියාත්මක විම හේතුවෙන් මෙම වෙඩි වැදිම සිදුව ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි වැදුණු පුද්ගලයාගේ පාර්ශවය සදහන් කරන්නේ පොලිසිය අධික ලෙස බිමත්ව සිටි බවත් ඔවුන් එකවරම වෙඩි හතරක් තියාගෙන සූදු පොලට පැමිණි බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment