කාන්තාවන් අට දෙනෙක් එළියට
කිරිබත්ගොඩ ප්‍රදේශයේ බලපත්‍ර නැතිව නීති විරෝධීව සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් අට දෙනකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (3) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිශාන්ත ජයවර්ධන මහතාට ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පොලිස් උපාය දූතයකු ඔස්සේ මේ වැටලීම සිදු කර තිබිණි.
මෙහිදී එක් සම්බාහන මධ්‍යස්ථානයක කාන්තාවන් පස් දෙනකු හා අනිත් සම්බාහන මධ්‍යස්ථානයේ කාන්තාවන් තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාවන් මීමුරේ, අම්පාර, පොලොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, පදවිය, මට්ටක්කුලිය සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24 ත් 45 ත් අතර වියේ පසුවන්නෝ වෙති.
අත්අඩංගුවට ගත් මේ කාන්තාවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරිබත්ගොඩ පොලිසියට භාර දුන් අතර කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන කුලසිංහ (10789) සහ රත්නායක (90071) යන නිලධාරීන් දෙදෙනා ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළහ.
දෙල්ගොඩ – ඩබ්ලිව්.ඩී. විතාන සහ බියගම – සුදත් පුබුදු කීර්ති