මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර අනුබල දුන් බවට සැකපිට නාවික හමුදා බුද්ධි අංශයට සම්බන්ධ නිලධාරීන් දෙදෙනකු නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (30දා) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය මගින් දීර්ඝ කාලයක සිට සිදු කළ අභ්‍යන්තර විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම සැකකරුවන් දෙදෙනාට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගත් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කරන බවත් නාවික හමුදා උසස් නිලධාරියෙක් පැවැසීය.
චමින්ද සිල්වා