කුරුණෑගල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට මෝටර් රථ දෙකක් බලෙන් ඇතුළු කළ දෙදෙනා අත්අඩංගුවට

496

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ප්‍රකාශන ගණන් කිරීමේ කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට 14 දින රාත්‍රියේ ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරින්ගේ අණ නොතකා ඇතුල් කළ මෝටර් රථ දෙක සහ රියැදුරන් දෙදෙනා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ වරදට එම මොහොතේම අත්අඩංගුවටගත් බව කුරුණෑගල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න කොඹිබෑවල මහතා පැවසීය.

අත්අඩංගුවටගත් රියැදුරන් දෙදෙනා සහ මෝටර්රථ දෙක මහව ප්‍රදේශයේ බවත් රියැදුරන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමුකළ බවත් අවසර පත්‍රයක් නොමැතිව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ඇතුල්වීමට එරෙහිව වැඩිදුර විමර්ශනය කර කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කරන බව පොලිස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
කුරුණෑගල – ර.මු.වී.ර. බණ්ඩාර


advertistmentadvertistment