කෘෂිකර්මය ඔළුව උස්සයි

157

මෙරට කෘෂිකාර්මික අංශය ඉකුත් වර්ෂයේ දී (2023) සියයට 2.6ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙයි.

කෘෂිකාර්මික ක්‍රියාකාරකම්වල එකතු කළ අගය 2022 වර්ෂයේ දී සියයට 4.2ක පහළ යෑමක් වාර්තා කොට තිබූ අතර එයට සාපේක්ෂව ඉකුත් වර්ෂයේ දී (2023) කෘෂිකාර්මික අංශයේ ක්‍රියාකාරකම්වල සියයට 2.6ක ධනාත්මක වර්ධනයක් වාර්තාකොට ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

මේ සඳහා විශේෂයෙන් පොහොර, වෙනත් කෘෂි රසායනික යෙදවුම්, ඉන්ධන ආදි සැපයුම් තත්ත්වයන් වර්ධනය වීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි. ඒ අනුව වී, එළවළු සහ පලතුරු වගා කිරීම හා ධීවර කටයුතු අංශවල වර්ධනය කෘෂිකාර්මික අංශයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

කෙසේ වුවද රටේ පැවැති කාලගුණ විෂමතාවල අහිතකර බලපෑම හේතුවෙන් තේ, රබර් හා පොල් වගා කටයුතු ඉකුත් වසරේ දී පහත වැටී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment