කේ.ඩී.යූ. සිසුවා ගාලු කොටුවෙන් වැටී මරුට

239

මිතුරන් සමග විනෝද වෙන්න ගිය

කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ සිසුවකු පෙරේදා (26 දා) රාත්‍රී ගාලු කොටු බැම්මෙන් පහළට වැටී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල, වක්වැල්ල හපුගල පදිංචි තවලම ගමගේ ජනිත් චන්ද්‍රපාල (21) නමැති අයෙකි.

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවෙකු වන ඔහු මිතුරන් පිරිසක් සමග එදින රාත්‍රී 8.45ට පමණ විනෝදවීම සඳහා ගාලු කොටුවට පැමිණි අවස්ථාවේ කොටු බැම්මෙන් පහළ වෙරළ තීරයට වැටී ඇත. එම අවස්ථාවේ ඔහු ගාල්ල පොලිසියේ ජංගම සංචාරක රථයකින් කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගාල්ල පොලිසිය විසින් සිදු කරගෙන යනු ලැබේ.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්


advertistmentadvertistment