කොටස් වෙළෙඳපොළ මිල දර්ශක දෙවැනි දිනයටත් පහළට

72

කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශක ඊයේ (06දා) අඛණ්ඩව දෙවැනි දිනයටත් සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

මේ අනුව ඊයේ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඒකක 16000 සීමාවෙන් පහළට පැමිණෙමින් ඒකක 15878.60 දක්වා ඒකක 170.82කින් පහළ ගියේය.

මේ අතර කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද ඊයේ දිනයේ ඒකක 4804.94ක් දක්වා ඒකක 55.39කින් පහත වැටී ඇත.

එසේම රු. බිලියන 8.57ක ගනුදෙනු පිරිවැටුමක් ද ඊයේ දින වාර්තා විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment