කොටි පාවිච්චි කළ චාජර් උඩයාරුකට්ටුවෙන් අත්අඩංගුවට

565

එල්. ටී. ටී. ඊ. සංවිධානය යුද සමයේ භාවිතා කරන ලද ඎඞ ෂේප් චාජර් තොගයක් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේ උඩයාරුකට්ටු ප්‍රදේශයේදී පෙරේදා (06 වැනිදා) සොයා ගන්නා ලදී.

මෙරට නිෂ්පාදිත පිපුරුම්කාරක පුපුරවා හැරීම සඳහා මෙම ඎඞ ෂේප් චාජර් භාවිතා කරන බවත් යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මේවා භාවිතා කරන ලද ඒවා බවත් විශේෂ කාර්ය බළකාය මේ පිළිබඳ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. විශේෂකාර්ය බළකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට මුලතිව් නාවිකා හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව වැටලීම කර ඇත.

මෙහිදී ඎඞ ෂේප් චාජර් 63ක් පමණ විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. ඒවා විනාශ කිරීමට උසාවි නියෝගයක් ලබා ගැනීම සඳහා පුදිකුඩුඉරිප්පු පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

ප්‍රභාත් විතාන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment