කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත්වේ

306

නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.

ඉන් අයදුම්කරුවන් 3,422ක් සමත් වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3,580ක පිරිසක් ඉදිරිපත් වී තිබුණි. ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් සියයට 95.6 ක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මෙම විභාගයේ ප්‍රතිඵල මැයි මස 27 වන දින www.slbfe.lk වෙබ් අඩවියේ පළ කරනු ලබන අතර විභාගය සමත් වූ අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ මැයි මස 28 වන දින ආරම්භ කෙරේ.

විභාගය සමත් අයදුම්කරුවන් සඳහා අදාළ සම්මුඛ පරීක්ෂණ ජුනි මස 06, 07 හා 10 යන දිනයන්හි කාර්යාංශයේ පළාත් කාර්යාල, විගමනික සම්පත් මධ්‍යස්ථාන හා පුහුණු මධ්‍යස්ථානයන් හිදී සිදු කෙරෙන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment