කොළඹ මහ නගර සභාවේ නගරාධිපති පත්කර ගැනීම සම්බන්ධව රහස් ඡන්දයේදී එක්සත් සාම සන්ධානයේ සහාය කාටද යන්න සම්බන්ධව තීන්දුව ගැනීමේ තීරණාත්මක සාකච්ඡාව සඳහා අද කොළඹදී එක්සත් සාම සන්ධානයේ නායකත්ව මණ්ඩලය හා උත්තරීතර මණ්ඩලය රැස්වීමට නියමිත බව එක්සත් සාම සන්ධානයේ මහ ලේකම් හිටපු නාගරික මන්ත්‍රි කලීලුර් රහ්මාන් පවසයි.
පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හමුවූ බවත් එසේම කොළඹ හිටපු පුරපති රෝසි සේනානායක මහත්මිය සමග ද කතා කළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරැයුම මත හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා හමුවේ ද අප සාකච්ඡා කළ බවත් එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහ්මාන් මහතා සමග ද සාකච්ඡා කළ බවත් එම පක්ෂය නිකුත් කර ඇති ප්‍රකාශයේ දැක්වේ.
චමින්ද සිල්වා