ලෙකෝ බිලටත් 2.5% බද්ද වදී

87

මෙම මාසයේ සිට (සැප්තැම්බර්) ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) විදුලි පාරිභෝගිකයන්ගේ බිලට 2.5%ක සමාජ ආරක්‍ෂණ බද්ද ඇතුළත් කරන බව ලෙකෝ සභාපති අතුල ද සිල්වා මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙතෙක් කලක් අදාළ සමාජ ආරක්‍ෂණ බද්දෙන් සමාගම් නිදහස් කර තිබූ අතර එම පනත සංශෝධනයෙන් පසු ලෙකෝ පාරිභෝගිකයන්ට මෙතෙක් කලක් හිමිව තිබූ බදු සහනය අහෝසි වනු ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගිකයන්ගේ විදුලි බිලට අදාළ සමාජ ආරක්‍ෂණ බද්ද ඇතුළත් කර තිබූ අතර ඒ අනුව සියලු විදුලි පාරිභෝගිකයන්ගේ බිල්පත් සමාන අය කිරීම් ක්‍රමයකට නතුවන බව ද ලෙකෝ සභාපතිවරයා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment