කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

13

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (25දා ඉරිදා) පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා පැය 12ක කාලයක් කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 1 සිට 15 දක්වා කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, අයි.ඩී.එච්., මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන බව එම මණ්ඩලය සඳහන් කරයි.

සුජීව තත්සර


advertistmentadvertistment