කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ දකුණු ආසියානු තරගකාරී අංශයේ ශ්‍රී ලාංකීය ඒකපාත්‍ර කෙටි නාට්‍ය (mono drama) සඳහා අයැදුම්පත් භාරගන්නා අවසාන දිනය 2025 ජනවාරි මස 25 වැනිදා දක්වා සිදුකෙරේ.
මේ සඳහා නර්තන, දෙබස් සහිත හෝ රහිත ඒකපාත්‍ර කෙටි නාට්‍ය සඳහා අයැදුම් කළ හැකිය. මේ සඳහා අයැදුම් කරනු ලබන කෙටි නාට්‍ය විනාඩි 15 කට නොවැඩි ඒකපාත්‍ර කෙටි නාට්‍ය විය යුතුය.
මේ සඳහා අයැදුම් කරනු ලබන නිර්මාණ පිටපත් පළමු වටය, දෙවන වටය සහ අවසන් වටය ලෙස වට තුනකින් තෝරාගැනේ. ජාතික මට්ටමෙන් තෝරාගන්නා ඒකපාත්‍ර කෙටි නාට්‍ය අගෝස්තු මස පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේදී දකුණු ආසියානු තරගකාරී අංශය සඳහා යොමුකරනු ඇත. ජාතික මට්ටමේ සිදුවන ඇගයීම්වලදී තෝරාගන්නා නිර්මාණ තුනකට ඉන්දියාවේ ඇසෑම්හි පැවැත්වෙන සමගාමී ජාත්‍යන්තර නාට්‍ය උළෙල කිහිපයක් සඳහා සහභාගිවීමේ අවස්ථාව ද උදාවේ.
අයැදුම්පත් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කර වට්ස්ඇප් පණිවුඩයක් මගින් 0724273006 යන අංකයට යොමු කළ හැකිය. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 0773129749 යන අංකයට ඇමැතීමෙන් ලබාගත හැකිය.