නවීකරණය හා පුළුල් කරන ලද යටිනුවර ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

24

පාරිභෝගිකයින් සඳහා වඩාත් විශ්වාසවන්ත හා උසස් සේවාවක් සැපයීම වෙනුවෙන් නවීකරණය හා පූළුල් කරනු ලැබූ මහනුවර, යටිනුවර ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ප්‍රදර්ශනාගාරය පසුගියදා අභිමානවත් අයුරින් විවෘත කරනු ලැබීය.

නවීකරණය කරන ලද ප්‍රදර්ශනාගාරය පාරිභෝගිකයින් වෙත අසමසම අත්දැකීමක් ලබා දෙන අතර, ඒ සදහා අලු‍තින් එක් කරන ලද තට්ටු දෙකක්, අද්වීතීය නව විලාසිතා එකතුවක් මෙන්ම දැවැන්ත නිෂ්පාදන පරාසයක් ප්‍රදර්ශනාගාරය තුළ අන්තර්ගත වේ.

1993 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනය කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මීගමුව, රත්නපුර සහ විශේෂයෙන්ම කඳුකරයේ හදවත වන මහනුවර නගරය තුළින් ජනනය කරන ඉහළ ඉල්ලු‍ම සමඟ කටයුතු කිරීමට අලෙවිසැල් දෙකක් සමඟින්, දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර සෑම දිනකම විවෘත කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිමි ඇඳුම් ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment