කෝටියක දුරකථන හොරෙන් ගෙනා කොළඹ ගුවන් මගියා දැලේ

31

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින්, එම කොමිසමේ අනුමැතියෙන් තොරව, රුපියල් කෝටියක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු 07 වැනිදා උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 02ක් තුළ මෙම අති නවීනතම ජංගම දුරකථන 91 ක් සඟවා ගෙන සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ජංගම දුරකථන තොගය සමග ඒවා රැගෙන ආ ගුවන් මගියා ඊයේ (08 දා) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

කටුනායක ටී.කේ.ජී.කපිල


advertistmentadvertistment