ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 160ක් පමණ වංචා කර ඉන්දියාවට පලාගොස් සිටි මඩකළපුවේ පදිංචි යුවළක් අත්අඩංගුවට ගෙන රහස් පොලිසියේ භාරයේ රඳවාගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යයි.
මෙම යුවළ පිළිගත් මූල්‍ය ආයතනයක් බව පෙන්වමින් මෙය පවත්වාගෙන ගොස් ඇත. විවිධ තරාතිරමේ ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද රවටමින් මෙම හොර ආයතනය පවත්වාගෙන ගොස් තිබේ.
මෙසේ මුදල් වංචා කළ මෙම යුවළ ඉන්දියාවට පලාගොස් කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ කටුනායකදී මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.
නෝමන් පලිහවඩන