කෝලිලා සහ දෝනිලා අද තීරණාත්මක තරගයක

311

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමත් අවසන් හතරට එයි

අයි.පී.එල්. තරගාවලිය 2024

2024 අයි.පී.එල්. තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට එක් වීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පෙරේදා (16 වැනිදා) රාත්‍රියේ අවස්ථාව උදාකර ගත්තේය.

තරග 12 කට මුහුණ දී ජයග්‍රහණ 7 ක් සමගින් ප්‍රසාද ලකුණු 14 ක් ලබා සිටි හයිද්‍රාබාද් කණ්ඩායම පෙරේදා සහභාගි වීමට නියමිතව සිටි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 15 දක්වා ඉහළ යෑමත් සමග ඔවුන්ට මෙම අවස්ථාව උදා විය.

ඒ අනුව තරගයක් ඉතිරිව තිබියදීම අවසාන කණ්ඩායම් හතර අතරේ තම ස්ථානය වෙන්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

මේ වන විට කොල්කටා නයිට්රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල් යන කණ්ඩායම් අවසන් කණ්ඩායම් 4ට පැමිණ ඇති අතර තරගාවලියේ 66 වන තරගය ලෙස පෙරේදා (16දා) පැවැත්වීමට නියමිතව තිබූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රතිවාදී කණ්ඩායම ගුජරාට් ටයිට්නස් කණ්ඩායම වූයේය.

කොල්කටා නයිට්රයිඩර්ස් පිල තරග 13 කට සහභාගි වී ප්‍රසාද ලකුණු 19 ක් ලබා ඇති අතර, රාජස්ථාන් රෝයල් තරග 12 කට සහභාගි වී ප්‍රසාද ලකුණු 16 ක් ලබා ඇත.

කෙසේ වෙතත් මේ වන විට තරග 13 කට සහභාගි වී තවත් එක් තරගයක් පමණක් ඉතිරිව ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක්ද, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග 14කට සහභාගි වී ප්‍රසාද ලකුණු 14 ක් ද ලබා ඇති නමුත් දිල්ලි කණ්ඩායමට තවත් තරග ඉතිරිව නොතිබීම සහ ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය සෘණ අගයක් ගෙන තිබීම හේතුවෙන් ඔවුන්ට අවසන් කණ්ඩායම් හතරට පැමිණීමේ අවස්ථාව අහිමිව ඇත.

ඒ අනුව අද (18 වැනිදා) පැවැත්වීමට නියමිතව ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම අතර තරගයෙන් වෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ජයගත හොත් හෝ වර්ෂාව නිසා තරගය අතහැර දැවීමට සිදු වුවහොත් චෙන්නායි කණ්ඩායමට අවසන් කණ්ඩායම් හතර අතරට පැමිණීමට අවස්ථාව උදා වේ. රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම ඉතා ඉහළ ලකුණු පරතරයක් සහිතව හෝ අඩු පන්දු වාර සංඛ්‍යාවකින් තරගය ජයගැනීමට හැකි වුවහොත් ඔවුන්ටද අවසන් කණ්ඩායම් හතර අතරට එක්වීමට අවස්ථාව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment