නව ආණ්ඩුකාරවරු පත්වෙති

603


උතුර සහ නැගෙනහිර සහ වයඹ පළාත් වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

ඒ අනුව වයඹ පළාත් අාණ්ඩුකාර ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස්, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් මහත්ම මහත්මීන්ගේ දිව්රුම් දී තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ මහත්ම මහත්මීහු කටයුතු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment