ගංජා SSP ගේ වැඩ තහනම්

228

ගංජා ජාවාරමේ යෙදීම සහ නිධන් හෑරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මොනරාගල පිහිටි සිය නිල නිවසේ සිවිලිමේ ගංජා තොගයක් සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 08 වැනිදාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරගෙන යන බව පොලිස් මූලස්ථානය පවසයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment