ගම්පහ ඩෙංගු තොටිලි තැනූ 522කට නඩු – 1412කට රතු නිවේදන

103

පසුගිය අප්‍රේල් 26 සිට මැයි 02 වැනිදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වූ ඩෙංගු මර්දන සතිය තුළ නිවාස, ආයතන, කර්මාන්ත ශාලා ඇතුළු වැඩබිම් හා ඒවායේ පරිශ්‍ර පරීක්‍ෂා කිරීමෙන් ඩෙංගු කීටයන් සඳහා තොටිලි තැනූ 522 දෙනකු සඳහා නීතිමය පියවර ගත් බැව් ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා ‘දිවයින’ට පැවසීය.

ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ බලප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 16 තුළ මෙම පරීක්‍ෂා කිරීම් සිදුකළ අතර එලෙස පරීක්‍ෂා කිරීමට නියමිත පරිශ්‍ර සංඛ්‍යාව 68,274ක් අතුරින් පරිශ්‍ර 60,990 ක ප්‍රමාණයක් එකී සතිය තුළ පරීක්‍ෂා කළ බැව් ද වෛද්‍ය වන්නිනායක මහතා සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 20,575ක් හා ස්ථාන ගණන 37,503 ක් වශයෙන් හඳුනාගෙන ඇති අතර කීටයන් සහිත පරිශ්‍ර 1233 හා ස්ථාන 1918ක් වශයෙන් ද හඳුනාගෙන ඇත. අනතුරු අඟවමින් රතු නිවේදන නිකුත් කළ සංඛ්‍යාව 1412ක් වේ. අවවාද කිරීමෙන් එදින පැවැති පරිසර තත්ත්වයන් නිවැරැදි කරගත් සංඛ්‍යාව 20,927කි.
ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment