ගම්පහ නගර මධ්‍යයේදී ලොරි රථයක ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනකු ඉලක්ක කර පෙරේදා (15දා) රාත්‍රි වෙඩි තබා ඇත්තේ ගණේමුල්ලේ සංජීව සහ කෙහෙල්බද්දර පද්මේ යන පාතාල නායකයන් දෙදෙනාගේ කල්ලි අතර පවතින ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම ප්‍රහාරයෙන් තරුණයන් දෙදෙනාට අනතුරක් සිදුවී නැත. ප්‍රහාරයට ලක්ව ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයන් දෙදෙනෙකි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයන් දෙදෙනාගෙන් අයකුට තරුණියක විසින් ලබාදුන් ඇමතුමකට අනුව ඇය මුණගැසීමට මොවුන් දෙදෙනා ගම්පහ නගරයට පෙරේදා රාත්‍රි 8.30ට පමණ පැමිණ ඇත.
ගම්පහ නගර මධ්‍යයේ ගුවන් පාලම යටදී යතුරුපැදියක පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු ලොරියේ සිටි තරුණයන්ට මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා තිබේ.
ඒ අවස්ථාවේ තරුණයන් දෙදෙනා ලොරියෙන් පැන අසල තිබූ වෙළෙඳසලක් වෙත දිව ගොස් දිවි බේරාගෙන ඇත.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු