ගලන – ගලන ගංවතුරට යටවෙන මහගම දියකඩුවේ දරු පවුලට පිහිට වෙමු

1

හැමදාම දරුවන්ට ඇඳුම් පැලඳුම් පොත්පත් අහිමි වෙනවා

ගාමිණී පෙරේරා හා චන්ද්‍රිකා දමයන්ති විවාහ ගිවිස ගෙන දීයකඩුව ප්‍රදේශයේ පදිංචියට යන්නේ මීට වසර කිහිපයකට පෙරයි. ඒ ගාමිණීගේ පියා විසින් ලබාදුන් රිසිවේෂන් ඉඩමේ ගාමිණී විසින් ඉදිකර තිබූ නිවසටයි. ගාමිණීට ස්ථිර ක්‍රියාවක් නොමැති වුවත් කුලී රැකියා කරමින් එම පවුල සතුටින් ජීවත් විය. ගලන සෑම ගංවතුරකටම යටවෙන මෙම නිවස ඔවුන් සතු සියලු දේපළ අහිමි කරවන්නේ කුරිරු ලෙසිනි. කොයිදේ අහිමි වුවත් ජීවන ගමන සතුටින් ගෙන ගිය මේ දෙපළට දරුවන් දෙදෙනෙක් ද සිටින අතර දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන පොත්පත් ඇඳුම් සෑම වසරකම අහිමි වන්නේ කඳුළක් එකතු කරමින්ය. ඔවුන්ට පාසල් යන්න පොත්පත් සපත්තු පාසලෙන් හා ගම්වාසීන් ලබාදෙනු ලබන්නේය.

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 820 ඒ දීයකඩුව බටහිර ග්‍රාමනිලධාරි වසමේ පදිංචිව ජීවත්වන මේ දරුවන් දෙදෙනාගේ මව වන චන්ද්‍රිකා දමයන්ති අප සමග ඇඬූ කඳුළින් පවසා සිටියේ අපි මේ බව 2015 සිට හැමෝටම කිව්වා. ඔවුන් කියා සිටින්නේ ගංවතුර ආවම හැමෝම යටවෙනවා කියා. ඒත් මගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය අහිමි වෙනවා. මට කොහෙන් හෝ ඉඩම් කෑල්ලක් ලබාදෙන්න කියා ඇය පවසන්නීය.

මහගම කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment